බෞ: පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයට මහනාහිමිවරුන්ගේ අනුමැතිය

බෞ: පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනයට මහනාහිමිවරුන්ගේ අනුමැතිය

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරිම සඳහා මහානායක හිමිවරුන්ගේ සහ කාරක සංඝ සභාවල අවසරය හිමි ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙලු‍වේ සුමනවංශ හිමියන් පවසනවා.

ත්‍රෛයිනිකායික මහ නාහිමිවරු සමග පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව යි උන්වහන්සේ ඊයේ (29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුතුට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදීයි.