රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට විශ්‍රාම යන්න සැරසෙයි

රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට විශ්‍රාම යන්න සැරසෙයි

අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණා.

ඒ අනුව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට (31) දිනයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් ඇති වන පුරප්පාඩු සම්බන්ධයෙන් සොයාබලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම එම කමිටුවට පැවරි තිබෙනවා.

එහිදී සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.