ආදර්ශා කරදන අත්අඩංගුවට

පසුගිය දිනවල ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ හා සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියට අදාලව ආදර්ශා කරදන නැමැති කාන්තාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදල පරීක්ෂණ සඳහායි පොලිස් පරිගණක අපරාධ ඒකකයේ නිලධාරින් විසින් ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවය.

