පුංචි ඡන්දය පැවැත්වීම වළක්වාලීමේ රිට් පෙත්සම අද විභාගයට

පුංචි ඡන්දය පැවැත්වීම වළක්වාලීමේ රිට් පෙත්සම අද විභාගයට

පළාත් පාලන ඡන්දය පැවැත්වීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ගොනුකළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (20) කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම පසුගිය 10 වනදා කැඳවූ අවස්ථාවේදී පෙත්සම සළකා බැලීම සඳහා එළඹෙන 23 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දය ඊට පෙර පැවැත්වීමට නියමිතව තිබූ බැවින් අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමෙහි කරුණු තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර කඩිනමින් තහවුරු කිරීම සඳහා අධිකරණය හමුවේ කැඳවන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ද ගොනුකර තිබුණා.

එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි අද මෙම පෙත්සම කැඳවීමට නියමිතව ඇත්තේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුලු 9 දෙනෙකු නම් කර තිබෙනවා.