උද්ධමනය පාලනය කරන්න මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි

උද්ධමනය පාලනය කරන්න මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමයි

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අද (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමඟ කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5% ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් දක්වා ඉහළ දමා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩපිළිවෙළ යටතේ උද්ධමනය තවදුරටත් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පොලී අනුපාත ඉහළ දමන බව එම නිවේදනයේ සඳහන් වේ.