ඡන්දයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
අදාළ පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (03) කැඳවනු ලැබුවා.

