පොලී අනුපාත ගැන අනාවැකියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති බවට බ්ලූම්බර්ග් ආර්ථික පුවත්සේවය අනාවැකි පළකර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ අභිලාෂය ඉටු කරගැනීම සදහා එම ක්‍රමවේදය අනුගමනය කරනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ අද (03) දිනයේ රැස්වීමට නියමිත ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මෙළෙස නොවෙනස්ව පවත්වාගෙනයාමට කටයුතු කරනු ඇති බවයි.
මෙරට තැන්පතු අනුපාතිකය 14.5%ක් ලෙස සහ ණය පහසුකම් අනුපාතිකය 15.5%ක් ලෙස දැනට ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකාව මෙන්ම බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය සම්බන්ධයෙන් ද බ්මෙලූම්බර්ග් සමීක්ෂණය දී අධ්‍යනයක නිරත ව තිබෙනවා.
ඊට සහභාගි වූ ආර්ථික විශේෂඥයන් 28 දෙනෙකු ම පෙන්වා දී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම වෙනුවෙන් පාකිස්තානු මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාත 19% දක්වා විශාල ලෙස ඉහල දමනු ඇති බවයි.
පසුගිය වසරේ අවසන් මාස කිහිපයේදී 70%ක තරම් ඉහළ අගයක පැවති ශ්‍රී ලංකාවේ උද්ධමනය 2023 පෙබරවාරි මාසය අවසන් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 50. 6%ක් දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්.

