මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්

මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක්

මෙවර රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස්කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙවර රාමසාන් සමය මාර්තු මස 23 වනදා සිට අප්‍රේල් මස 21 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

හැකි සෑම අවස්ථාවක දීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට හැකිවන පරිදි වැඩිමුර සකස් කර දියයුතු අතර නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

ඊට අමතරව රාමසාන් සමය අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ නිලධාරීන්ට උත්සය අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.