පොලීසිය සහ ගම්වාසීන් වලියක් දා ගෙන – පොලීසියේ 6කට තුවාල

පොලීසිය සහ ගම්වාසීන් වලියක් දා ගෙන – පොලීසියේ 6කට තුවාල

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළ පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා පොලිස් නිලධාරින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් නිලධාරින් අද (06) පස්වරුවේ එම ප්‍රදේශයට ගොස් ඇති අතර මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී එම පිරිස එයට විරෝධය දක්වා නිලධාරීන් බහින්බස් වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

COMMENTS