බස් ගාස්තු වෙනසක් ගැන ඉඟියක්

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් ගැමුණු විජේරත්න,
“මම ගණන් මිමි බැලුවා 2023 වසරේ මාස දෙක දින කිහිපයක් ගිහිල්ලා තියෙනවා මේ වනවිට අපිට මේ උද්ඝෝෂණ හා විරෝධතා නිසා අපේ බස් රථ වලට මිලියන 500 කට ආසන්න මුදලක් අපිට අහිමිවෙලා තිබෙනවා. විශේෂයෙන් මේ බස්නාහිර පළාත තුළ පමණක්. මේ සම්බන්ධයෙන් අපි හෙට දිනේ පොලිස්පතිවරයාටත් ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් නැවත සිහිකැඳවීමක් කරනවා. එසේ කරගන්න හැකියාවක් වුණේ නැතිනම් අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිසමටත් පොලිසියටත් විරුද්ධව අපිට අධිකරණයට යන්න වෙනවා.”
ප්රශ්නය:- දැන් ඩොලර් එකත් අඩුවෙලා තියෙනවා ඔබතුමාලට වාසි වෙලා තියෙනවද මොකද තත්ත්වය?
පිළිතුර:- ජුලි මාසයේ බස් ගාස්තු සම්බන්ධයෙන් පැහැදිලි ජනතාවට සහනයක් දෙන්න හැකි වේවී. මම දන් නැහැ ඊට ඉස්සෙල්ලා හම්බ්වෙයිද කියලා, මොකද යම් ආකාරයෙන් ඉන්ධන මිල අඩු වුණොත් අපිට අනිවාර්යයෙන්ම බස් ගාස්තු අඩු කරන්න සිද්ධ වෙනවා.
ප්රශ්නය:- බස් ගාස්තු අඩු කරන්න ඉන්ධන මිල කීයක් අඩු වෙන්න ඕනේද ?
පිළිතුර:- තව රුපියල් 10ක් විතර අඩු වුණොත් අපිට අඩු කරන්න පුළුවන්. යනුවෙන්

