මැඩගස්කරයේදී ‘හරක්කටා’ අල්ලයි

මැඩගස්කරයේදී ‘හරක්කටා’ අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, මැඩගස්කරයේදී ඔහු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට නිලනොවන ආරංචි මාර්ග තහවුරු කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා එරට ආරක්ෂක අංශ වෙතින් තොරතුරු ඉල්ලා ඇතැයි ද පොලීසිය පැවසුවේ ය.

එම තොරතුරු මත ඉදිරි විමර්ශන ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.

COMMENTS