පාර්ලිමේන්තු සභා වාරය අද ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය අද ඇරඹෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9යි 30ට ආරම්භ වනවා.

එහි දී මෝටර් රථ පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග අද (07) විවාදයට ගැනීමට නියමිත යි.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සඳහන් නීතීන් විවාදයකින් තොරව හෙට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එළැඹෙන 9 සහ 10 දිනවලදී පළාත් පාලන ඡන්දය කල් දැමීමට සම්බන්ධ දෙදින විවාදය පැවැත්වීමට නියමිත යි.

විවාදය සඳහා එම යෝජනාව ගෙන එනු ලැබුවේ සමඟි ජන බලවේගය විසින්.

COMMENTS