පුංචි ඡන්දය පවත්වන දිනය අදවත් කියන්න හැකි වෙයිද ?

පුංචි ඡන්දය පවත්වන දිනය අදවත් කියන්න හැකි වෙයිද ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30ට පමණ එම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද වෙනම රැස්වී අද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ අප්‍රේල් මස 02වන සතිය වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇති බවය.