මාවනැල්ලේ බිහිසුණු බස් රථ අනතුරක් – අයෙක් මරුට (Video)

මාවනැල්ලේ බිහිසුණු බස් රථ අනතුරක් – අයෙක් මරුට (Video)

මාවනැල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙනු යි මෙම අනතුර සිදු ව ඇත්තේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය පුද්ගලයා ඇතුළු තවත් 23 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළු කර ඇති බව සඳහන්.

අනතුරු සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.