ශ්‍රවණ ආබාධිත අයට මේ සතියේ රියදුරු බලපත්‍ර

ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා අද (07) මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහි දී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් 50 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද නියමු ව්‍යාපෘතිය මේ සතියේ අවසන් වූ බවයි එහි දී ඊට සහභාගි වූ පුද්ගලයින් 50 දෙනා ම ඉතාමත් සාර්ථකව වාහන ධාවනය සිදු කර තිබූ බවයි.

