පළා යාමට තැත් කළ රැඳවියකුට වෙඩි

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකු ඉන් මිදී පළායාමට උත්සහ කළ අවස්ථාවේ දී බන්ධානාගාර නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ අද (08) අළුයම මෙම රැදවියා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළායාමට උත්සහ කර ඇති බවයි.
අවුරුදු 33ක් වයසැති මොහු ඉඔුල්ගොඩවත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි වැදී තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

