හරක් කටා අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයෙන් දැනුම්දීමක්

හරක් කටා අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයෙන් දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස පැවසෙන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මැඩගස්කරයේ ආරක්ෂක අංශ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියාද වන බව සඳහන් ය.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුවකට අනුව හරක් කටා ව අත්අඩංගුවට ගැනුණු බවය.

COMMENTS