පරිප්පු, සීනි සහ ළුණු මිල පහළට

පරිප්පු, සීනි සහ ළුණු මිල පහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා ආනයනික ආහාර ද්‍රව්‍යවල තොග මිල 10% කින් පමණ පහත වැටී තිබෙනවා.

ඒ අනුව ආනයනික සීනි, පරිප්පු සහ ළුණු තොග මිල කිලෝග්‍රෑමයක් රුපියල් 30 කින් අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳ සංගමය සඳහන් කළා.