උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් යයි – මේ වසරේ විභාගයත් කල් යන ලකුණු

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල් පමා වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (08) පාර්ලිමේන්තුවට පැවසුවා.
එහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, අදාළ කල් පමාව සිදු වීමට හේතුව ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින වෘත්තීය ක්‍රියාමාර්ග බවත් ඒ හේතුවෙන් පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් ද ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාදයට හේතුවක් බවයි.
අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගට ම ක්‍රියාත්මක වුව හොත් 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ දින වකවානු නැවත අලුත් කිරීමට සිදු වන බව යි.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා කෙරෙන දීමනාව වැඩි කරන ලෙස ගුරුවරුන් විසින් ඉල්ලා සිටින අතර එය පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණත් අදාළ දීමනාව වැඩි කිරීම ප්‍රමාණවත් නො වන බව යි ගුරු සංගම් කියා සිටින්නේ.

