කොළඹ රථවාහන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

මරදාන පොලිස් වසමේ ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිණි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දෙසට ඇති මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා.
එහි අලුත්වැඩියා කටයුතු කොළඹ මහනගර සභාව විසින් සිදු කරන අතර, ඒ හේතුවෙන් අද (09) අදාළ මාර්ගවල යම් වාහන තදබදයක් ඇති විය හැකි බව කොළඹ රථවාහන පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් ඇති විය හැකි අපහසුතාව මඟ හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස යි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

