ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සහාය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සහාය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ උදෑසන සිදු කරනු ලැබුවා.

සංවර්ධන ආයතන සමඟ පැවති හමුවේ ප්‍රථිපලයක් ලෙස ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ JICA ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ අවශ්‍ය සහය ලබා ගැනීමද සිදු කරනු ලබනවා.

විශේෂයෙන්ම මුල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහය ලබා ගැනීමට දැනටමත් එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරනු ලබනවා.

එමෙන්ම අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කල හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සාමුහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවරයන් වෙනවා.