නවසීලන්තයට ලකුණ 285ක ඉලක්කයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය සිව්වැනි දිනයටත් අද (12) ක්රියිස්චච්හීදී පැවැත්විය.
තරගයේ සිව්වැනි දිනය ආරම්භ කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවනි ඉනිමේ සියලු කඩුලු ලකුණු 302 ක් තුළදී ,
දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව නවසීලන්තයට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
කෙසේ වෙතත් නවසීලන්ත පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් සිය ටෙස්ට් දිවියේ 14 වැනි ශතකය රැස් කිරීමට ඇන්ජිලෝ මැතිව්ස් සමත් විය.
පන්දු 235 තුළදී ලකුණු 115 රැස්කළ මැතිව්ස්ගේ ඉනිම හතරේ පහර 11කින් සමන්විත විය.
දිනේෂ් චන්දිමාල් පන්දු 107කදී ලකුණු 42ක් රැස් කළේ, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 5000ක් රැස් කළ 11 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක් වෙමිනි.
අද දිනයට තරඟය නතර කරන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටී.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 355ක් රැස් කළ අතර නවසීලන්තය ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 373ක් පළමු ඉනිමට ලබා ගත්තේය.

