දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය

දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව පවසන්නේ.
තවද, දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022 වර්ෂයේ ජූලි මස පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණා.

