සිංහයන් සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නම් කරයි

නවසීලන්තය, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සිය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම ටොම් ලේතම් වෙත පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙම සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, IPL තරඟාවලියට එක්වීම හේතුවෙන්,
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව Kane Williamson, Tim Southee සහ Devon Conway ඉන්දියාව බලා යාමට නියමිතයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියට එක්වන නවසීලන්ත සංචිතය පහතින්,
Tom Latham (capt)
Finn Allen
Tom Blundell
Chad Bowes
Michael Bracewell
Mark Chapman
Lockie Ferguson
Matt Henry
Ben Lister
Daryl Mitchell
Henry Nicholls
Glenn Phillips
Henry Shipley
Ish Sodhi
Blair Tickner
Will Young

