දුම්රිය සංගම් කිහිපයක් හෙට වර්ජනයට නැහැ

දුම්රිය සංගම් කිහිපයක් හෙට වර්ජනයට නැහැ

හෙට (15) දිනයේ දී පැවැත්වෙන බව කියන වැඩවර්ජන ක්‍රියාමාර්ගයට දුම්රිය සංගම් කිහිපයක් එක් නොවන බවට වාර්තා වනවා.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති පිරිසක් කිහිපයක් අදාල වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන්නේ නැහැ.

මේ අතර 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු 2023.03.14 වන දින සිට වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් පියවර ගනු ලැබුවා.

COMMENTS