පාන් මිල තවත් අඩු කිරීමට හැකියි – බේකරි හිමියන්ගේ සංගමය

පාන් මිල තවත් අඩු කිරීමට හැකියි – බේකරි හිමියන්ගේ සංගමය

පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

තිරිඟු පිටි සමාගම් විසින් පසුගිය දා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟ ග්‍රෑම් 450ක් බරැති පාන් ගොඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමටයි එම සංගමය පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මිල තවදුරටත් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළා.