‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ වෙනසක්

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ වෙනසක්

‍උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ මොහොතේ ආනයනකරුවන්ට අවාසියක් සිදුවුව ද එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවය.

“මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණදෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපිට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි කිලෝවක් රු 25 – 30කින් වගේ අඩුවුණා. පරිප්පු අඩුවුණා. අල ළූණු මිල පහළට ගියා. ඒ නිසා අපි හිතන්නේ උත්සව සමයේ මිල මේ සති කිහිපය තුළ අඩුවෙලා පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට ලබාගන්න පුළුවන් වෙයි.” යනුවෙන්