උද්ඝෝෂණ මැඩපවත්වන්න පොලීසිය රට වටෙන්ම කැරළි මර්දන උපකරණ එකතු කරයි

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට දිවයිනේ අනෙකුත් පොලිස් කොට්ඨාස සතුව ඇති කැරළි මර්දන උපකරණ තමා වෙත බාර දෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් හදිසි ඉලීමක් කර තිබෙනවා.
ඊයේ (14) මෙම ලිපිය දිවයිනේ පොලිස් කොට්ඨාස 12ක කොට්ඨාසභාර නිලධාරින් වෙත යොමු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) සජීව මැදවත්ත විසින් SDIG/SS/OUT/293/2023 යන ලිපි අංකය යටතේයි.
ඒ අනුව මහනුවර, අනුරාධපුරය, කුරුණෑගල, ත්‍රිකුණාමලය ඇතුළු පොලිස් කොට්ඨාස 12කින් එම ඉල්ලීම කර තිබූ අතර ඒවා ඊයේ රාත්‍රී 10 වන විට පොලිස් මූලස්ථානය වෙත බාර දෙන ලෙසත් එහි දන්වා තිබුණා.
ඒ අනුව අදාල කොට්ඨාස තුළින් ගෑස් මුහුණු ආවරණ 575ක්, කැරලි මර්දන පළිහ 450ක්, කැරලි මර්දන හෙල්මට් 505ක් සහ රබර් උණ්ඩ 1050ක් පොලිස් මූලස්ථානය වෙත ආරක්ෂිතව බාර දෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (සහායක සේවා) අදාල ලිපිය මගින් ඉල්ලා තිබුණා.

