වර්ජනයෙන් ක්ෂේත්‍ර රැසකට බලපෑම්

වර්ජනයෙන් ක්ෂේත්‍ර රැසකට බලපෑම්

වර්ජනයක් පැවතියත් අද (15) පෙරවරු 8 වනවිට කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් ධාවනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කෙසේවෙතත් වෛද්‍ය, වරාය, විදුලි, ජල, තැපැල්, බැංකු සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩවර්ජනය මේ වනවිට දීප ව්‍යාප්තව ආරම්භ වී තිබෙනවා.

වෛද්‍ය වර්ජනයෙන් ප්‍රදේශ රැසක රෝහල්වල දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වර්ජනයෙන් බොහෝ පාසැල්වලට සිසු සිසුවියන් පැමිණ නැහැ.

නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා අකීලා කනගසූරියම් කියා සිටියේ තමාට වාර්තා වූ ආකාරයට පාසැල්වල ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවයි.

එමෙන්ම උතුරු පළාතේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම සියයට 10ක මට්ටමක පැවති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් අද (15) උදෑසන ඉබි යතුරු දමා වසා දමා තිබූ බවයි වාර්තා වෙන්නේ

ඇතැම් පාසල්වල ළමයින් කිහිප දෙනෙකු පැමිණ සිටියද ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට යලි නිවෙස් බලා යාමට සිදු වුණා.