වසර දෙකකට පසු මැතිව්ස් එක්‌දින සංචිතයට – කුසල් ජනිත් විස්සයි විස්සට

වසර දෙකකට පසු මැතිව්ස් එක්‌දින සංචිතයට – කුසල් ජනිත් විස්සයි විස්සට

නවසීලන්තය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත අද (17) ප්‍රකාශයට පත්කළා.

එක්දින තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට වසර දෙකකට පසු එක්දින සංචිතයේ ස්ථානයක් හිමිවීම ද විශේෂත්වයක්.

මේ අතර ආබාධයක් හේතුවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා ද 20-20 සංචිතයට කැඳවා තිබෙනවා.

මෙහිදී එක්දින හා 20-20 නායකත්වය දසුන් ශානකට හිමි වී ඇති අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හා පන්දුවාර 20/20 උප නායකත්වය වනිඳු හසරංගට හිමිව තිබේ.
එමෙන්ම යොවුන් ක්‍රීඩක සහන් ආරච්චිගේට ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානයක් හිමිව ඇති අතර ලසිත් කෘස්පුල්ලේට 20-20 සංචිතයේ දොරගුළු විවර වී තිබෙනවා.

COMMENTS