ජල සම්පාදනයේ සේවකයින් හෙට වර්ජනයකට සැරසෙයි

ජල සම්පාදනයේ සේවකයින් හෙට වර්ජනයකට සැරසෙයි

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්.

ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් වැඩවර්ජනය අත්හිටුවනවා ද යන්න පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නැත.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.