පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට යයි

පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ , කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළපොත් සහ නිල ඇදුම් බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගනිමින් කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බවයි.

