උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

උත්සව සමයේ පාරිභෝගික නීති කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. .
ලබන මස 25 වැනිදා දක්වා එම වැටලීම් ක්‍රියාත්මකයි.
මේ යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගබඩා හා සිල්ලර අලෙවි සැල් දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂා කිරීමට කණ්ඩායම් අනියුක්ත කර ඇති බව අධිකරිය පැවසුවේ ය.
මීට සමගාමීව රෙදි පිළි මෙන්ම විදුලි භාණ්ඩ ඇතුළු තෑගි භාණ්ඩ අලෙවි සැල් ද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කිරීම , කොන්දේසි පනවා භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික පනතේ වැරදි සිදු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

