අලුත් අවුරුද්දට ගමට ගිය අයට කොළඹ එන්න අද සිට විශේෂ ප්‍රවාහන සේවා

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ක්‍රියාත්මක කරන විශේෂ ප්‍රවාහන සේවා අද (15) සිට ආරම්භ කෙරෙනවා.
දුර පළාත් සඳහා අමතර බස් රථ ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළා.
ඊට අමතරව මගී අව්‍යශ්‍යතාව අනුව තවත් බස් රථ ධාවනයට කටයුතු යොදා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බවයි.
මේ අතර අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 03ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 163කට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් 10,11 සහ 12 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 434,338ක් ධාවනය කර ඇති බවයි .
මේ අතර පසුගිය 12 වනදා පමණක් රුපියල් මිලියන 45කට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා.

