ලංකාවේ නම ලෝකයට අරන් ගිය හැඩකාරයා

මෙම වසරේ පැවැත්වුණ Mr universe tourism 2023 තරගාවලියේ විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලාංකික නිරූපණ ශිල්පියෙකු සමත් වී තිබෙනවා.
ලෝකයේ රටවල් රැසක නිරූපණ ශිල්පීන් අදාළ තරගාවලියට එක් ව සිටි අතර එය පැවැත්වුණේ බාලි නුවර නූසා ඩුවා හි දියි.
ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක් වූයේ ප්රදීප් ජොන්සන් නමැත්තෙකුයි.
ඔහු එම තරගාවලිය යටතේ පැවැත්වුණ photogenic title winner අංශයෙන් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
29 හැවිරිදි වියෙහි පසුවන මෙම කඩවසම් නිරූපණ ශිල්පියා යාපනය ප්රදේශයේ පදිංචිකරුවෙක්.






