පොලිස්පති වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් – මීළඟ පොලිස්පති දේශබන්දු

පොලිස්පති වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් – මීළඟ පොලිස්පති දේශබන්දු

වතමන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.

ඉන් අනතුරුව මීළඟ පොලිස්පති ධුරය සඳහා ජේයෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට ලබා දීමට තීරණය වී ඇති බවත් වාර්තා වනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.