ඕනෑම මහා මාර්ගයක දෙපස නිෂ්පාදන අලෙවි කිරීමට අවසර

ඕනෑම මහා මාර්ගයක දෙපස නිෂ්පාදන අලෙවි කිරීමට අවසර

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ඒ අනුව එළවළු, පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් අලෙවි කළ හැකි බවයි.

ඊට අදාළ අවසර පත්‍ර ප්‍රදේශීය ලේකම්වරුන් මගින් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.