අප්‍රේල්වල ලයිට් බිලත් අඩුවෙයි – මහින්දානන්දගෙන් ඉඟියක්

අප්‍රේල් මාසය වනවිට තෙල් මිල හා විදුලිබිල ජනතාවට දරා ගැනීමට හැකිවන පරිදි පහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඒ අනුව ඉදිරියේ දී ජල බිල, විදුලි බිල සේම ආහාරපානවල මිල ගණන් ද වෙනස් විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එමෙන්ම මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයකට යාමට පෙර ජනතාව ජීවත් කරවිය යුතු බවයි.

