නව පාසල් වාරය අද ඇරඹෙයි

නව පාසල් වාරය අද ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2023 පළමු පාසල් වාරය අද (27) ආරම්භ වෙයි.

ඒ අනුව 2023 පළමු පාසල් වාරය ලබන 5 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

ලබන මස 05 වැනිදා සිට 16 වැනිදා දක්වා පාසල් සිසුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, හෙට දිනයේදී පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ද සිදුකරන බවයි.

6 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල අමාත්‍යවරයා සඳහන් කළේ ය.