බස් රථයක බෝම්බයක් පුපුරවන්න ‍තැත් කළ අයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

බස් රථයක බෝම්බයක් පුපුරවන්න ‍තැත් කළ අයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මගී බස් රථයක බෝම්බයක් තබා පුපුරුවා හැර මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නාගලිංගම් මදනසේකරන් නමැති විත්තිකරුවකුට කොළඹ මහාධිකරණය විසින් අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදියි.

එහිදී එම චෝදනාවටම වරදකරු කර මේ වනවිට අධිකරණය මගහැර සිටින තවත් විත්තිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2008 වසරේ කොළඹ, හෝර්ටන් වටරවුම ආසන්නයේදී මගී බස් රථයක මෙම බෝම්බ පිපිරීම සිදුවුණා.

COMMENTS