පොලිස් වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු මරුට

පොලිස් වෙඩි ප්‍රහාරයකින් සැකකරුවෙකු මරුට

වෙන්නප්පුව – පේරගස් හන්දිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ වෙඩි තැබීමකින් සැකකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර එහි දී පොලිසිය මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයේ දී එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

COMMENTS