නව ජාතික වාර්තා තුනක්

58 වන ශ්රී ලංකා යුධ හමුදා මළල ක්රීඩා ශූරතාවලියේ දී නව ජාතික වාර්තා 03ක් පිහිටුවීමට යුධ හමුදා මළල ක්රීඩික, ක්රීඩිකාවන් සමත්ව තිබෙනවා.
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දීයි මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ.
එහිදී මීටර් දසදහස කාන්තා ඇවිදීමේ තරඟයේ දී ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.වී.කේ. මද්රිකා ජාතික වාර්තාවක් පිහිටවූ අතර තරඟය අවසන් කිරීමට ඇය ගතකළ කාලය විනාඩි 49යි තත්පර 25.97ක්.
එම තරඟයේ පිරිමි අංශයේ ජාතික වාර්තාව පිහිටුවීමට ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් පී.එච්.එස්.එල්. ප්රනාන්දු සමත්වුණා.
ඒ, විනාඩි 45යි තත්පර 12.22ක දක්ෂතාවක් දක්වමින්.
එමෙන්ම අද (30) දිනයේ තවත් ජාතික වාර්තාවක් රිටි පැනීමේ ඉසව්වෙන් පිහිටුවීමට යුධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් සචින් එරංග ජනිත් සමත්වුණා. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 5.16ක්.

