මාතර වෙඩි පත්තු වෙයි

මාතර වෙඩි පත්තු වෙයි

මාතර අහංගම මිදිගම ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදි ඊයේ (29) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා

තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකට ඇතුලත් කළ හෝටල් හිමිකරු අද (30) පාන්දර 3.00ට පමණ මිය ගිය බවයි වාර්තාවන්නේ.

මෙලෙස මිය ගියේ මිදිගම ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය 31 හැවිරිදි සිඳු සඳරුවන් දොඩම්ගොඩගේ නැමැති අයෙක්.

අදාල වෙඩි තැබීම ඊයේ පස්වරු 6.15ට පමණ සිදු වූ අතර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට තිබෙනවා.

2021 වසරේ දී ද මෙම හෝටල් හිමිකරු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් ඔහුගේ සහෝදරයා මිය ගියා.

මේ අතර අදාල වෙඩි තැබීම සිදු කොට ඇත්තේ අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ ගෝලයන් පිරිසක් බවයි සැක කරන්නේ.

එමෙන්ම සිය ජිවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා මීට පෙර සිය නිතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණා.