දුම්රිය රියදුරන්ගේ වර්ජනයෙන් ගමන්වාර 04 ක් අවලංගුයි

දුම්රිය රියදුරන්ගේ වර්ජනයෙන් ගමන්වාර 04 ක් අවලංගුයි

දුම්රිය රියදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (31) දහවල් ගමන්වාර 04 ක් අවලංගු වී තිබෙනවා.

අද දහවල් 12 සිට පස්වරු 03 දක්වා දුම්රිය රියදුරයන් මෙලෙස ධාවන කටයුතුවලින් ඉවත් වී තිබුණේ දුම්රිය බලවේග කට්ටල රියදුරන්ගේ උසස් වීම් ගැටලුවක් මුල්කරගමින්.

කෙසේ වෙතත් දුම්රිය රියදුරන් සහ සාමාන්‍යාධිකාරිවරයා සිදුකළ සාකච්ඡාවකින් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ඔවුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද පස්වරුවේ කාර්යාල දුම්රිය අවලංගුවීමකින් තොරව ධාවනය කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.