විදෙස්ගත ශ්‍රමික මුදල් ලැබීම ඉහළට

විදෙස්ගත ශ්‍රමික මුදල් ලැබීම ඉහළට

විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 407ක ප්‍රේෂණ පසුගිය මාසයේ දී ලැබී ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 205ක මුදලක් පමණයි.

පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එසේම පෙබරවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ 7,639 ක්.

ඒ අනුව සංචාරක ඉපයීම් පෙබරවාරි මාසයේත් ඇමරිකානු ඩොලර් මිලියන 170 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කළේ.