වෘත්තීය සමිති නායකයෝ වත්කම් බැරකම් හංගලා

වෘත්තීය සමිති නායකයින්, වත්කම් බැරකම් පනත අනුව වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතුව තිබෙන නමුත් පසුගියදා වැඩ වර්ජනයට සහභාගී වූ කිසිදු වෘත්තීය සමිති නායකයෙක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
1975 වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.
එහෙත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නැහැ.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එක්ව මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

