කතරගම වෙඩි පත්තු වෙයි

කතරගම වැඩසිටි කන්ද මාර්ගය ප්රදේශයෙන් වෙඩිතැබීමක් වාර්තා වී තිබේ.
පොලීසිය සඳහන් කළේ කතරගම වැඩසිටි කන්ද පාරේ රථ ගාල ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
සැකකරුවන් දෙදෙනා වෙඩිතැබීමෙන් පසු පළාගොස් තිබේ.
එම ප්රදේශයේ පදිංචි ප්රදීප් ලක්මාල් නමැති 46 හැවිරිදි සටන් කලා උපදේශයෙක් ඉලක්ක කර වෙඩිතැබීම සිදුවී ඇත.
ඔහුගේ දකුණු පාදයේ පහළ ප්රදේශයට වෙඩිවැදී තිබේ.
වෙඩිතැබීම සිදුවෙන් අවස්ථාවේදී ඔහු සමග යතුරුපැදියේ තවත් පුද්ගලයෙකු ගමන් කර තිබේ.
වෙඩිවැදුණු පුද්ගලයා කතරගම ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

