කුකුළු මස් මිල ඉහළට

වෙළඳපොලේ කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇති බවට වෙළඳුන් පවසනවා.
උත්සව සමය සහ සති අන්තය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ මේ වනවිටත් කුකුළු මස් කර්මාන්තය පාඩු ලබමින් ඇති බවටයි.
එමෙන්ම රුපියල් 230 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල මේ වනවිට රුපියල් 210 ක් දක්වා අඩු වී තිබුණ ද මේ දක්වා බේකරි ආශ්රිත ආහාර මිල ගණන්වල අඩුවීමක් සිදුව නොමැති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ඉදිරි සතියේදී බේකරි ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බවයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ.

