මගේ ධූර කාලය තුළ නීතිය හා සාමය කඩන්න ආපහු ඉඩ දෙන්නේ නැහැ

ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගනු ලැබීම වැළැක්වීම සහ රට අරාජික වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් හමුවේ විශේෂ දේශනයක් පවත්වමිනි
එහිදී මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අමතමින් ප්‍රකාශ කර ඇත.
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය හා සාමය සහ අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසියට සහය වනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
තම ජනාධිපති ධූර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

