රජයේ සේවකයන්ට අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

රජයේ සේවකයන්ට අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10දා පෙර ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවැසීය.

එසේම විශ්‍රාම වැටුප් හා සමෘද්ධි දීමනාවද එදිනට පෙර ගෙවන බවත් මෙය රාජ්‍ය මුදල් අමතර බරක් බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් එම වැටුප් හා දීමනා නියමිත ලෙස ගෙවන ලෙස ජනපතිවරයා උපදෙස් දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම මේ වසර අවසන්වන විට රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ගෙවීමට ජනපතිවරයාගෙ අවධානය යොමුව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.